නැම්බියාවේ නව කොරෝනා ආසාදන වේගයෙන් ඉහළ යන බැවින් අලි අසූචි මගින් කොවිඩ්-19 සුව කළ හැකි බවට සමාජ මාධ්‍යවල ප්‍රකාශ විශ්වාස නොකරන ලෙස නැමීබියානු රජය සිය පුරවැසියන්ට අනතුරු අඟවයි.
පරිසර, වන විද්‍යා හා සංචාරක අමාත්‍යාංශයේ ප්‍රකාශක රෝමියෝ මියුන්ඩා රොයිටර් පුවත් සේවයට කියා සිටියේ අලි අසූචි වැඩි වශයෙන් කොවිඩ්-19 ප්‍රතිකාරයක් ලෙස හුවා දක්වන බව රජය මේ කාලය තුළ නිරීක්ෂණය කළ බවයි.
මේ අතර නැම්බියාවේ සෞඛ්‍ය අමාත්‍ය කලුම්බි ෂැන්ගුලා ජනතාවට අනතුරු අඟවා සිටියේ, කොවිඩ්-19 සඳහා දැනට ප්‍රතිකාරයක් නොමැති බැවින්, මෙවැනි කටකතා සහ ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසයි.
නැම්බියාවේ මේ වනවිට නව කොරෝනා වෛරස ආසාදිතයන් 4,464ක් වාර්තා වන අතර, එරට වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 37කි.