නව කොරෝනා වසංගතය ආරම්භයේ සිටම අවම වශයෙන් ඉන්දුනීසියානු වෛද්‍යවරුන් 100 දෙනෙකු වෛරසයට ගොදුරුව මියගොස් ඇති බව එරට වෛද්‍ය සංගමය පවසයි.
කොවිඩ්-19 ට එරෙහි සටනේදී පහත වැටුණු අපගේ සගයන්ගේ සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දුනීසියානු වෛද්‍ය සංගමයේ සභාපති ඩේං ෆාකිහ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
"රෝගයට ගොදුරු වූ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාවද අඛණ්ඩව ඉහළ යමින් පවතිනවා" යනුවෙන් ඔහු සඳහන් කළේය.