කොවිඩ්-19 වසංගතයෙන් මිලියන 1.7කට වැඩි පිරිසක් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබුණද, අනාගතයේදී කොරෝනාවටත් වඩා භයානක වෛරස් ඇතිවිය හැකි බවත්, මෙම වසංගතය සියලු ජාතීන්ට අවදි වීමට ලබාදුන් සිහිකැඳවීමක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවමින් පවසා සිටියි.
වෛද්‍ය රයන් වැඩිදුරටත් පැවසුවේ, "මේ වසංගතය ඉතා දරුණු වී තිබෙනවා. එය ලොව පුරා ඉතා ඉක්මණින් ව්‍යාප්ත වී තිබෙනවා. එය පෘථිවියේ සෑම අස්සක් මුල්ලක් නෑරම බලපා ඇති අයුරු දකින්න පුළුවන්. නමුත් මෙය අනිවාර්යයෙන්ම 'ලොකුම එක' නොවෙයි." යනුවෙනි.
"මේ වෛරසය ශීඝ්‍රයෙන් සම්ප්‍රේෂණය වෙනවා. එය මිනිසුන් මරා දමනවා. බොහෝ ආදරණීයයන්ගේ ජීවිත අහිමි කරනවා. නමුත් එහි වර්තමාන මාරාන්තිකතාව අනෙකුත් ඉදිරියේදී නැගීඑන රෝග හා සසඳන විට සාධාරණ ලෙස අඩුයි. මෙය අපට සැම අවදි කිරීමේ ඇමතුමක් යැයි කිව හැකියි." වෛද්‍ය රයන් වැඩිදුරටත් පැවසීය.
ඔවුන්ගේ වසංගත වැළැක්වීමේ ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන්ගෙන් ඉල්ලා සිටින අතරම, කොවිඩ්-19 අර්බුදය සඳහා පියවර නිවැරදිව ක්‍රියාත්මක නොවූවද, අනාගතය සඳහා තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා මෙම වසංගතය ඉගෙනීමේ වක්‍රය ලෙස භාවිතා කරන ලෙස රටවලින් ඉල්ලා තිබේ.
"පෘථිවිය පහසුවෙන් බිඳෙන, වෙනස්වන සුලුයි. අප ජීවත් වන්නේ වඩ වඩාත් සංකීර්ණ ගෝලීය සමාජයකයි. මේ තර්ජන දිගටම පවතිනු ඇති. සියලු ඛේදවාචකයන් හා අලාභයන් සමග මේ වසංගතයෙන් අප විසින් ගත යුතු එක් දෙයක් තිබේ නම්, අපගේ ක්‍රියාවන් එක්ව ගත යුතුයි" වෛද්‍ය රයන් පැවසීය. "මේ නිසා අනාගතයේදී ඊටත් වඩා දරුණු විය හැකි දෙයකට අප සූදානම් විය යුතුයි. මෙයින් අපට අහිමි වූ අයට ගෞරව කළ යුතුයි. අප දිනපතා කරන දෙයින් හොඳ ප්‍රතිඵල ලබාගත යුතුයි."
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෘස් අයිල්වර්ඩ්ද අනතුරු අඟවා සිටියේ, අර්බුදය විසඳීම සඳහා ලෝකය විශාල විද්‍යාත්මක ප්‍රගතියක් ලබා තිබුණත්, අනාගත වසංගත වළක්වා ගැනීමට එය සූදානම් නැති බවයි.
"අපි මේ වෛරසයේ දෙවැනි හා තෙවැනි රැල්ලට හසු වී සිටිනවා. ඒවා සමග කටයුතු කිරීමට සහ කළමනාකරණය කිරීමට අපි තවමත් සූදානම් නැහැ. එබැවින් අපි වඩා හොඳින් සූදානම්ව සිටියද, අපි මේ සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් නැහැ." අයිල්වර්ඩ් වැඩිදුරටත් පැවසීය.