කරන්දෙණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා රෝගීන් 06 දෙනකු වාර්තාවීමත් සමග ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (14) සිට හුදකලා කළ බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙලෙස හුදකලා කර ඇත්තේ ඌරගස්මංහන්දිය දකුණ, ඌරගස්මංහන්දිය උතුර, වල්ඉඟුරුකැටිය හා යටගල යන ග්‍රාම නිලධාරී වසම් හතරයි.
මෙම ගම්මානයන් හි පදිංචි ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනය සඳහා යොමුකිරීමෙන් පසු එම සංචරණ සීමා ඉවත්කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිසිය පැවසීය.