කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනකු අද (29) දිනයේ වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙම පුද්ගලයන් 04 දෙනාම මාළු ව්‍යාපාරයන්හි යෙදෙන පුද්ගලයන් බවත් ඔවුන් මේ වනවිට රෝහල් ගතකරීමට කටයුතු කර ඇති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා ඔවුන් නිවෙස්වලම ස්වයං නිරෝධායනය සඳහා යොමුකිරීමට කටයුතු කරමින් සිටින බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
මෙම ආසාදිතයන් 04 දෙනා සමග ඊයේ දිනයේ ගාල්ලෙන් වාර්තා වූ සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 08 ක් දක්වා ඉහළ යයි. ඊයේ උදෑසන බෝපේ පෝද්දල සහ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ආසාදිතයන් 02දෙනකු වාර්තා වූ අතර සවස බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගිනිමැල්ලගහ ප්‍රදේශයෙන් එක් අයකුත්, නාගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තල්ස්යායෙන් එක් අයකුත් වශයෙන් ආසාදිතයන් වාර්තා විය.
සිරංගිකා ලොකුකරවිට