වසර 40ක් මුළුල්ලේ නොවිසුඳුනු ගීතයක නිර්මාණ අයිතිකරුවන් වෙත කර්තෘ භාගය ගෙවිමේ යෝජනාවලිය අවසන් අදියරට පැමිණ තිබේ.
ගීතයක් ගුවන් විදුලි මාධ්‍යයෙන් ප්‍රචාරය වීමේදී ලබන වසරේ ජනවාරි 01 දා සිට 2022 දක්වා රුපියල් 30ක මුදලක් කර්තෘ භාගය ලෙස ගෙවිය යුතු බවටත්, එතැන් සිට එම මුදල රුපියල් 50 දක්වා වැඩිවියයුතු බවත් රූපවාහිනී විකාශය කිරීමේදී ජනවාරි 01 දා සිට රුපියල් 100ක් ගෙවිය යුතු වන අතර 2022 වසරේදී එම අගය රුපියල් 250ක් දක්වා වැඩිවිය යුතු බවටත් පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්සණ කාර්ක සභාවේදී යෝජනා වී තිබේ.
කාරක සභාව නැවතත් දෙසැම්බර් 20 දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිත අතර එදින සියලු යෝජනා එකඟත්වයෙන් සම්පූර්ණ කොට අවසන් තීරණයකට එළැඹීමට නියමිතය.
අනතුරුව පනත් කෙටුම්පත එළැඹෙන ජනවාරි 03 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය.
ඒ අනුව 2011 ගැසට් නිවේදනය අනුව ගුවන් විදුලි මාධ්‍ය සඳහා රුපියල් 10ක් හා රූපවාහිනී මාධ්‍ය සඳහා රුපියල් 30ක්ද වන යෝජනාව ප්‍රතික්ෂේප වී තිබේ.
කිසියම් නිර්මාණකරුවෙකුට අයත් ගීතියක් නිසි අවසරයකින් තොරව යූ ටියුබ් ඔස්සේ විකාශය වන්නේ නම් ඒ වෙනුවෙන් ලැබෙන පැමිණිලි යූ ටියුබු අන්තර්ජාතික පරිපාලන අඩවිය වෙත පැමිණිලි කිරීමේහැකියාව ආංශික කාරක සභාවට පවතින බව පවසා තිබේ.
මෙම ගෙවීම් ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් යෝජනා වී තිබේ.
එක් හඬකැවීම් නාදයක් (රිංග් ටෝන්) භාගත කිරීමක් සඳහා පාරිභෝගියකයන්ගෙන් රුපියල් 30ක මුසදලක් පමණක් අය කිරිමට දුරකතන සමාගම් එකඟ වී තිබේ. එයින් අන්තර්ගත සැපයුම්කරුවන් වෙත දුරකන සමාගම් විසින් ගෙවන 30%න් 50%ක් වත් අදාළ නිර්මාණයේ හිමිකරුවන් වෙත ලබාදිය යුතු බවටද කමිටුවේදී යෝජනා වී තිබේ.