යුද හමුදා සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට එල්.ටී.ටී.ඊ. නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනව ඉවත දැමීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයන් කැඳවා විමර්ශනය සිදු නොකරන ලෙස මැතිවරණ කොමිෂම වැඩ බලන පොලිස්පතිවරයා කර ඇත දැනුම් දීමක් හා එම සිදුවීමට අදාළව පොලිස් විමර්ශන කටයුතු මූලික අදියරේ පවතින හෙයින් පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු කිසිවක් නොමැති බව සභාපති විනිසුරු එම්.ඩී නවාස් මහතා ප්රකාශ කළේය.