වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන වැල්ලව ප්‍රදේශයේ සෙබලෙක් බැංකු කටයුත්තක් වෙනුවෙන් පැමිණ රැඳී සිටි බව කියන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කුරුණෑගල ශාඛාව අද (24දා) වසාදමා මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
මොහු ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ කුරුණෑගල ශාඛාව වෙත පැමිණ ගිණුම් කටයුත්තක් සඳහා එම බැංකු ශාඛාව තුළ රැඳී සිටි බව අනාවරණය වී ඇත .
ඒ අනුව එම බැංකු ශාඛාවෙ කාර්ය මණ්ඩලයේ සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බැංකුව වසාදමා විෂබීජහරණය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම සෙබලාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණයකට හෝ ඔහුව ලක්කර නොමැත.
ගීතාංජලී ප්‍රියදර්ශනී