කුරුණෑගල සිවුවැනි කොරෝනා මරණය වාර්තා වෙයි
කුරුණෑගල දිස්ත්රික්කයේ දෙවන කොරෝනා වාරයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ සිවුවන මරණය ඊයේ (17) රාත්රියේ වාර්තා විය.
හදිසියේ රෝගාතුරව ප්රතිකාර සඳහා සඳහා පෙරේදා (16) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පොල්ගහවෙල බන්දාව අළුත්ගම ප්රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මියගිය කාන්තාව පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එම කාන්තාව දිගු කාලයක සිට ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳි කාන්තාවක් බවද වාර්තාවේ. එම කාන්තාවට වෛරසය ආසාදනය වූ ආකාරය අනාවරණය වී නැත.