කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ අද (23) දිනය වන විට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සමස්ත සංඛ්‍යාව 118 ක් වන බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 25 දෙනාත් සමග නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් දෙදෙනෙකු සහ වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛරසය ආසාදනය වූ නාවික සෙබළුන් 91 දෙනෙකු මෙම සංඛ්‍යාවට අයත් බව වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය .