කුරුණෑගල මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් පසුගිය 24 වන දින කුරුණෑගල නගරයේ ප්‍රධාන වීදි වල ව්‍යාපාරික ස්ථාන වල සේවකයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් අලුත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබේ.
මේ අනුව අද (29) දිනය වනවිට කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථාන 23 කින්ම කොරෝනා වෛරසය ආසාදනය වූවන් හමුවී තිබේ.
මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන වලින් ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී ඇත. මීට අමතරව කුරුණෑගල මලියදේව වීදිය, මුස්ලිම් පල්ලිය පාර, දඹුල්ල මාර්ගයේ සහ කොළඹ මාර්ගයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන වලින් මෙම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත.
ඊයේ දිනය වනවිට එම ව්‍යාපාරික ස්ථාන 22 න් සේවකයින් 30 දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මීට අමතරව එක් ව්‍යාපාරික ස්ථානයක සේවය කරමින් සිටින අකුරණ තෙළඹුගම්මන ප්‍රදේශයේ පදිංචි 14 දෙනෙකුට තම ගම් පළාතේදී වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මහ වීදිය ප්‍රදේශයෙන් ආසාදිතයින් වැඩි පිරිසක් හමු වීම හේතුවෙන් පවතින අවදානම් තත්ත්වය මත මේවනවිට එම වීදිය තාවකාලිකව වසා දමා සංචරණ සීමා පැනවීමටද කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන තිබේ.
ගීතාංජලී ප්‍රියදර්ශනී