දිවයිනේ ප්‍රථම වරට උප්පැන්න සහ මරණ සහතික පරිගණක තාක්ෂණය ඔස්සේ ජනතාවට නිකුත් කිරීම අද (2දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව මෙතෙක් කාලයක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිහිටි උප්පැන්න, මරණ සහ වෛද්‍ය රෙජිස්ට්‍රාර් කාර්යාලය මඟින් අතින් ලියා නිකුත් කළ උප්පැන්න සහ මරණ සහතික වෙනුවට පරිගණක තාක්ෂණය ඔස්සේ සකස් කරන ලද සහතිකයක් ලබා ගැනීමේ අවස්ථාව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාවට හිමි වෙයි.
රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ උප්පැන්න, මරණ සහ වෛද්‍ය රෙජිස්ට්‍රාර් කාර්යාලයකින් දිවයිනේ මෙවැනි ව්‍යාපෘතික් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.
අවශ්‍ය දත්ත ලබා ගැනීමෙන් පසුව ප්‍රමාදයකින් තොරව ඉතා කෙටි කාලයකදී ජනතාවට උප්පැන්න සහ මරණ සහතික නිකුත් කිරීමට මෙමගින් හැකියාව ලැබෙන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ උප්පැන්න සහ මරණ රෙජිස්ට්‍රාර් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
එසේම සහතික නිකුත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් මෙහිදී අවම වන බවද, අතින් ලිවීමේදී සිදුවිය හැකි වැරැදීම් සම්පූර්ණයෙන්ම අවම වන බවද බණ්ඩාර මහතා සඳහන් කළේය.
මින් ඉහතදී දිනකට උප්පැන්න සහතික 60 ක් පමණ සහ මරණ සහතික 15 කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කළ අතර පරිගණකගත කිරීමෙන් පසුව මීට වඩා වැඩි සහතික සංඛ්‍යාවක් නිකුත් කිරීමට හැකිවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.