කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් තම රාජකාරියට බාධා කරමින් තමන්ට තර්ජනාත්මකව හැසිරෙන බව සඳහන් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා රෝහල සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින්ට එරෙහිව ඊයේ (10දා) පස්වරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත .
රෝහල් අධ්යක්ෂවරයා එම පැමිණිල්ල ඉදිරිපත් කර සුළු මොහොතකට පසු කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ඇතුළු එම සංවිධානයේ ප්‍රධාන ක්‍රියාකාරින් පිරිසක්ද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතාට එරෙහිව කුරුණෑගල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
ඒ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ස්ථාන මාරුවක් ලබාදී සිටියදීත් එය පිළිනොගෙන නීති විරෝධීව රැඳී සිටින බව සඳහන් කරමින්ය.