කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී ඇති ස්ථාන මාරුව පිළි නොගෙන තවමත් එම තනතුරෙහි නීති විරෝධී ලෙස රැඳී සිටින බව කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානයේ උප සභාපති වෛද්‍ය නාලක මුතුගල මහතා පැවසුවේ අධ්යක්ෂවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති ස්ථාන මාරුව පිළි නොගෙන අධ්යක්ෂවරයා තවමත් තනතුරෙහි රැඳී සිටින බවය .
එම ස්ථාන මාරුව ලබාදීම නිසා රෝහල තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත්හිටුවීමට පියවර ගත්තද , අධ්යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝගය පිළි නොගෙන එම තනතුරෙහි රැඳී සිටියහොත් නැවත දැඩි වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට යාමට සිදුවන බවද වෛද්‍ය මුතුගල මහතා අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කළේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනු කමිටුවට නොදන්නා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් සිදුකළ මෙම ස්ථාන මාරුව තමා පිළිනොගන්නා බවය .
ඒ සම්බන්ධයෙන් විමසා අමාත්‍යාංශ ලේකම්වරියට ලිපියක් යොමු කළ බවද ඊට යහපත් පිළිතුරක් නොලදහොත් තමන්ට ලබාදී ඇති ස්ථාන මාරුවට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද ඒ මහතා පැවසීය.
කොරෝනා මර්ධනය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ තමන්ගේ මෙහෙයවීමෙන් උපරිම ක්‍රියා මාර්ග ගෙන ඇති අවස්ථාවක එසේ නොකළා යැයි චෝදනා කිරීම අසාධාරණයක් බවද වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.