කුරුණෑගල පළාත් මහ රෝහලේ PCR පරීක්ෂණ රසායනාගාරය විවෘත කිරීම ඊයේ (10) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ වරාය නාවික කටයතු මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය, ඡොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණ අතර, ඊට අදාලව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යතුමිය මෙම අදහස් දක්වන ලදි.
රුපියල් ලක්ෂ 125 ක වියදමින් ස්ථාපිත කරන ලද මෙම PCR පරීක්ෂණ රසායනාගාරය මගින් දිනකට PCR පරීක්ෂණ 900 ක් පමණ සිදු කළ හැකි බවත්, කුරුණෑගල සහ වයඹ පලාතෙන් පිට පළාත්වල ද PCR පරීක්ෂණ මේ මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රුපියල් ලක්ෂ පනස් හතරක් වටිනා පී.සී.ආර් යන්ත්‍රය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා විසින් නගර සභාවේ විමධ්‍යගත අරමුදලින් පිරිණමා තිබේ.
රිදීගම රිදී විහාරයේ ශ්‍රී බුද්ධරක්ඛිත හිමි, ඇත්කද විහාරයේ විහාරාධිපති ශ්‍රී සුමංගල හිමි අතුළු කුරුණෑගල විහාරස්ථානවල මහා සංඝරත්නය, ව්‍යාපාරික ප්‍රජාව සහ වයඹ වෛද්‍ය පීඨය මුදල් හා උපකරණ පරිත්‍යාග කරමින් මෙම රසායනාගාරය ඉදිකර ඇත. ඊට අදාළ සියලු සම්බන්ධීකරණයන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ඇතුළු කුරුණෑගල දිසාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් එකමුතුව විසින් ඉටු කර ඇත.