කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි බියගම පිහිටි මාස් (MAS) ඇඟළුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබේ.
සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නිරෝධායනය සඳහා දඹදෙණිය ගුරු විද්‍යාලයේ රඳවා සිටියදී කොරෝනා රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසුව පසුගිය 21 වන දින ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී කරන ලද පීසීආර් පරීක්ෂාවකදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වී ඇත.
කටුනායක ආයෝජන කලාපයේ ඇඟළුම් කම්හලකින් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙකු සමඟ ඇසුරු කිරීම හේතුවෙන් මොහුට එම වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයිඩීඑච් උණ රෝහලට බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.