අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි කුරුණෑගල නගරාධිපතිවරයා ඇප මත මුදාහැරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (17) නියෝග කළාය.
කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මෙසේ ඇප මත මුදා හැරුණි.
අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී පසුගිය අගෝස්තු මස (09දා) ඔහු මෝසමක් මාර්ගයෙන් අධිකරණයට බාර විය.
එසේ අධිකරණයට ඉදිරිපත් වූ සැකකරු අද (17දා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියම කළාය.
පිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බියගන්වා මුදල් කොල්ලකෑමේ චෝදනාව මත විතාරණ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබේ.
ගීතාංජලී ප්රියදර්ශනී