ක්‍රීඩා සංගම් නියෝජනය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික ප්‍රශ්නවලට ක්‍රීඩකයන් පලි නොමැති බවත් පරිපාලකයෝ මොනවා කළත් ක්‍රීඩකයෝ හොඳින් සෙල්ලම් කරනවා නම් තරඟ ජයග්‍රහණය කළ හැකි බවත් ක්‍රීඩා පනත හා ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීමේ පනත ලබන වසරේ මුල පාර්ලිමේන්තුවට ගෙන එන බවත් මෙම පනත ගෙන ආ පසු ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු ඩිජිටල් ව්‍යසාය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි .
මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී පෙරේදා (01) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය .
ක්‍රිකට් පාලක මණ්ඩල නිලවරණයට ඉදිරිපත් වෙන්නේ එකම පිරිසක් . මොවුන් දෙකට බෙදී එක් අවස්ථාවක දී තරග කර ඊළඟ අවස්ථාවේදී එකට එකතු වී තරඟ කරනවා . මෙය මා කුඩා කල සිට ම දැක තිබෙනවා .
අපි ඉතාමත් සාර්ථක ක්‍රිකට් කමිටුවක් පත් කරා අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන් , රොෂාන් මහනාම , කුමාර් සංගක්කාර වගේ ප්‍රවීනයන් නියෝජනය කරනවා . තේරීම් කටුව වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයත් ඉන්නවා . මේ අය වසර දහයකට වැඩපිළිවෙළක් හදලා දීලා තියෙනවා . අප ගත්ත තීන්දු තීරණවල හොඳ දැන් දකින්න තිබෙනවා . ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීම පාර්ලිමේන්තු පනතකින් මම කරනවා . ලබන වසරේ පළමු වන නිලවරණය යාවත්කාලීන කිරීම මෙම වසර අග කරන්න බලාපොරොත්තු වෙනවා . ක්‍රිකට්, රගර්, පාපන්දු ,මලල ක්‍රීඩා ඇතුළු සියලු ක්‍රීඩා වලට බලපාන ලෙසයි ක්‍රීඩා පනත යාවත්කාලීන කරන්නේ .
ෂේන් සෙනෙවිරත්න