පළාත් සභා, ක්‍රීඩා සමාජ, සහ ප්‍රදේශයේ දේශපාලඥයන් සමඟ සම්බන්ධ වෙමින් ඒ ඒ ප්‍රදේශවල ක්‍රීඩාව නගා සිටුවීමට නව වැඩපිළවෙලක් ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රිකයේ ඉදිවන ක්‍රීඩාංගන සඳහා ලබන වසර අයවැය ඇස්තමේන්තුවෙන් ප්‍රතිපාදන වෙන් කර එම ක්රීඩාංගණයන්ගේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කරන බවද ක්‍රීඩා අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික්කයන්හි පිහිටි දැනට වැඩ නැවතී ඇති ක්‍රීඩාංගණ සම්බන්ධයෙන් අද(23) පාර්ලිමේන්තුවේදී අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.