ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් හඳුන්වාදුන් නව කොන්ත්‍රාත් ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් හා ක්‍රිකට් ආයතනය අතර එකඟතාවයට පැමිණීමට නොහැකිවීම පිළිබඳව කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තරගකාරී ගෙවීම් යටතේ ක්‍රීඩකයන් අභිප්‍රේරණය කිරීම වැදගත් බවද ඔහු සඳහන් කරයි. කෙසේ වෙතත් එය රට නියෝජනය කිරීමේ සාධකයක් බවට පත් නොවිය යුතු බවත් ඔහු පවසයි.
ක්‍රීඩකයන්ට සෑම විටම රට අංක එකට තබාගත යුතු බවද ඔහු සඳහන් කරයි.