මධ්‍යම ක්‍රොඒෂියාවේ ඇති වූ රික්ටර් පරිමාණ 6.4ක ප්‍රබල භූමිකම්පාවකින් පුද්ගලයින් 7 දෙනෙකු පමණ මිය ගොස් තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලැබූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයත් හා ක්‍රොඒෂියානු බලධාරීනුත් තහවුරු කරයි.
හමුදාවේ සහාය ඇතිව මුදාගැනීමේ කණ්ඩායම් තවමත් නගර කිහිපයක සුන්බුන් හාරමින් සිටියදී රාත්‍රිය විදුලිය බිඳ වැටීමක්ද සිදුව තිබේ.
දේශීය වේලාවෙන් ඊයේ දහවල් සැග්‍රෙබ් අගනුවරට සැතපුම් 30ක් පමණ ගිනිකොන දෙසින් ඇති වූ භූමිකම්පාව බෝල්කන් ප්‍රදේශය හරහා දැනී තිබේ. යුරෝපීය-මධ්‍යධරණි භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව මේ වසරේ ක්‍රොඒෂියාවට බලපෑ ප්රබලතම භූමිකම්පාව මෙයයි.
අගමැති ඇන්ඩ්‍රෙජ් ප්ලෙන්කොවිච් පැවසුවේ මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවයි. භූමිකම්පාවේ කේන්ද්‍රය අසල පිහිටි පෙට්රින්ජා වෙත නොයන ලෙස ඔහු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.
"මේ මොහොතේ, කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි අප දන්නේ නැහැ. ප්‍රධාන කැබිනට් රැස්වීමට පෙර නවතම තොරතුරු අනුව මරණ හතක් ලෙස දැක්වුණා" ප්ලෙන්කොවිච් පැවසීය. "මේ සංඛ්‍යාව වැඩි විය හැකි බවට අපට යම් ඇඟවීමක් තියෙනවා. එබැවින් අපි පොලිසියේ නිල වාර්තාව එනතෙක් බලා සිටිනවා."