ඉන්දියාවේ කොයිම්බතූර් හි ක්‍රියාත්මක වූ අයි.එයි. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ මෙන්ම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සැලසුම් කළ පිරිස් සමග සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන්ගේ කටහඩ පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ අවධානය යොමුව තිබේ.
ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කටහඩ පරීක්ෂණ සිදුකිරිමට නියමිතය.
ඒ අනුව කොයිම්බතූර්හි අත්අඩංගුවට ගත් මොහොමඩ් අසාරුඩීන්ගේ හඩ පරීක්ෂා සිදුකරමින් ඔහු තමිල්නාඩුවේ හා කේරලයේ අයි.එස්. මතවාදය ව්‍යාප්ත කර ඇත්දැයි යන්න තහවුරු කර ගැනීමට නියමිතය.
අසාරුඩීන් කටහඩ පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන දිනය අධිකරණය විසින් දැනුම් දීමට නියමිතව තිබේ.
ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනවලදී අදාළ සැකකරුවන් විසින් පැවැත්වු බවට සැක කෙරෙන දේශන ඇතුළත් හඬ පට සහ වීඩියෝ පට සොයාගෙන තිබුණි.
අසාරුඩීන් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් සමගා ෆේස්බුක් හා වෙනත් පණිවිඩ හුවමාරු යෙදුම් (ඇප්) හරහා සම්බන්ධවී ඇති බවට ඉන්දීය ජාතික විමර්ශන ඒකකය පවසයි.