කියුබාවේ රජයේ පාලනය යටතේ පැවති ආර්ථිකයේ විශාල ප්රතිසංස්කරණයක් සිදුකරමින්, බොහෝ පෞද්ගලික කර්මාන්තයන් සඳහා ක්‍රියාත්මකවීමට ඉඩ ලබාදෙන බව කියුබාව කියයි.
කම්කරු අමාත්‍ය මාර්ටා එලේනා ෆයිටෝ පැවසුවේ මෙසේ බලයලත් පෞද්ගලික කර්මාන්ත ලැයිස්තුව 127 සිට 2,000 දක්වා වැඩි වන බවයි.
එහිදී රජයේ කර්මාන්ත සඳහා වෙන් කරනු ලබන්නේ ඉතා සුළු කර්මාන්ත ප්‍රමාණයක් පමණක් බවත් අමාත්‍යවරිය පැවසුවාය.
ට්‍රම්ප් පරිපාලනය විසින් ක්‍රියාත්මක කර තිබූ එක්සත් ජනපද සම්බාධක හේතුවෙන් මෙන්ම, කොවිඩ්-19 වසංගතයේ දරුණු බලපෑම් කොමියුනිස්ට් රාජ්‍යයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.
පසුගිය වසරේ එරට ආර්ථිකය 11% කින් හැකිලී ඇති අතර, එය දශක තුනකට ආසන්න කාලයක් තුළ එහි නරකම පරිහානිය බවද කියයි. කියුබානුවන් මූලික අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකටද මුහුණ දී සිටියි.