දකුණු අප්‍රිකාවේ හඳුනාගෙන ඇති කොවිඩ්-19 ප්‍රභේදයේ එක් ආසාදිතයෙකු බැගින් කියුබාවෙන් සහ පැනමාවෙන් අනාවරණය වී ඇති බව දෙරටේ සෞඛ්‍ය නිලධාරීන් පවසයි.
කියුබාවේදී කොවිඩ්-19 ප්‍රභේදය සඳහා ධනාත්මක බව සොයාගත් පුද්ගලයා රට තුළට ඇතුළු වූ පසු ගුවන් තොටුපොළේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර, දැන් ඔහු හුදෙකලාව ප්‍රතිකාර ලබයි.
මේ දක්වා කියුබාවේ කොරෝනා ආසාදිතයන් 19,530ක් සහ මරණ 184ක් වාර්තා වී තිබුණත්, කොවිඩ්-19 හි වෙනත් ඕනෑම ප්‍රභේදයක් එරටින් සොයාගත් පළමු වැනි අවස්ථාව මෙයයි.
මේ අතර පැනමාවට දකුණු අප්‍රිකාවේ සිට ජනවාරි 5දා ඇතුළු වූ 40 හැවිරිදි සිම්බාබ්වේ ජාතිකයෙකුගෙන් මෙම ප්‍රභේදය අනාවරණය වී තිබේ.
මෙම පුද්ගලයා රෝග ලක්ෂණ නොපෙන්වා ඇති අතර, දැන් ඔහු හුදෙකලා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.