පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුතුව නව දේශපාලන පක්ෂයක් අද පිටකෝට්ටේදි ආරම්භ විය.
පිරිසිදු බණ්ඩාරණායක ප්රතිපත්තිය අනුව ක්රියාත්මක වීමට අදහස් කෙරෙන මෙම නව පක්ෂය නව ලංකා නිදහස් පක්ෂය ලෙස නම් කර ඇත.
නව ලංකා නිදහස් පක්ෂයේ ප්රතිපත්ති ප්රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා විසින් පක්ෂ නායක කුමාර වෙල්ගම මහතාට ඉදිරිපත් කර ඇති අතර නව සිහල උරුමය පක්ෂය කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඉදිරි මැතිවරණයට තරඟ කරන බවද මෙහිදී පැවසීය.