දැනට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට අවස්ථාව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පනත් කෙටුම්පත පිළිබඳව සති දෙකක කාලයක් ජනතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ඇති බවත් ඉන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඔහු පැවැසීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සතියක් ඇතුළත ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවත් අමාත්‍යවරා පෙන්වා දුන්නේය.
අවසන් පනත් කෙටුම්පත තීරණය වන්නේ කමිටු අවස්ථාවේදී බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.