මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටි දේශපාලකයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිම නීතියට පටහැනි බැවින් ඔහු එම තනතුරේ කටයුතු කිරිම වළක්වාලන අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමන් දකුණු පළාතේ හා මධ්‍යම පළාතේද හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා ගොනුකළ රිට් පෙත්සමක් ඉදිරි සතිය තුළදි මුලික කරුණු විමසුම සඳහා අභියාචනාධිකරණය හමුවේ කැදවිමට නියමිතව ඇත.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතාත් ජනාධිපති ලේකම් ආචාර්ය පි.බි ජයසුන්දර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහ බැංකු නියෝජ්‍ය අධිපති ටි.එම්.ජේ.වයි.පි ප්‍රනාන්දු මහත්වරුන්ද පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.