කැබිනට් රහස් මාධ්‍යයට හෙළිකරන අමාත්‍යවරුන් හඳුනා ගැනීම සඳහා ජනපතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර තිබේ.පසුගිය සතියේ මාධ්‍ය මගින් හෙළිදරව් වූ “රෝ” ඝාතන කතාව ගැන තමන්ට ඇමැතිවරුන් සිව් දෙනෙකුගෙන් තොරතුරු ලැබුණ බව (ද හින්දු) පුවත්පතේ කොළඹ වාර්තාකාරිනී (මීරා ශ්‍රීනිවාසන්) පසුව ප්‍රකාශ කර තිබිණි.
මෙම පුවත ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් ඇමතීය. ඉන්පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද මේ පුවත ලැබුණ ආකාරය හා එහි පසුබිම ගැන රහස්‍ය වාර්තා තුනක් මේ වනවිටත් කැඳවා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.
කෙසේ හෝ ජනාධිපතිවරයාගේ නියමයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් දුරකතන දත්ත ඇතුළු තොරතුරු විශ්ලේෂණය කරමින් මේ ගැන විමර්ශන සිදු කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය)