තම ජීවනෝපායට තර්ජනයක් යැයි පවසන නව කෘෂිකාර්මික පනත්වලට විරෝධය පළ කරමින් ඉන්දීය ගොවීන් අද (22දා) අගනුවර පාර්ලිමේන්තුව අසල රැස්ව තම විරෝධතා ව්‍යාපාරය තවදුරටත් බලාත්මක කර තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගොවි විරෝධතාවයේදී දස දහස් ගණනක් ගොවීන් මාස හතකට වැඩි කාලයක් නවදිල්ලියට යන ප්‍රධාන මහාමාර්ගවල කඳවුරු බැඳගෙන සිටිති.
අද නවදිල්ලි පොලීසිය විසින් ගොවීන් 200දෙනෙකු පාර්ලිමේන්තුව පිටත මායිමේ විරෝධතා ස්ථානවල සිට ජන්තර් මන්තර් වෙත කැඳවාගෙන යනු ලැබීය.
"ඉන්දියානු කෘෂිකර්මාන්තය සහ මිලියන සංඛ්‍යාත දුප්පත් ගොවීන් විශාල සමාගම් වෙත සම්පූර්ණයෙන් පවරා ගැනීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නීති නැවත සකස් කළ යුතු බව අපි නැවත රජයට මතක් කර දෙනවා" යනුවෙන් භාරතීය කිසාන් සංගමයේ නායක රාකේෂ් ටිකයිට් පැවසීය.
පසුගිය ජනවාරි මාසයේ සිට මෙම ගොවි උද්ඝෝෂණ උණුසුම් මුහුණුවරක් ගත් අත, ගොවීන් පැමිණි ට්‍රැක්ටර් ආරක්ෂක බාධක බිඳ දැමීමෙන් පසුව පොලීසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්ද ඇති විය. එක් විරෝධතාකරුවෙකු මිය ගිය අතර පොලිස් නිලධාරීන් 80කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.