කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය සදහා පැමිණෙන ගොවින්ගේ හා වෙළෙදුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇති කිරීම සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට වැලිමඩ පොලිස් ස්ථානය හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන භාරය මේ වන විට කටයුතු යොදා තිබේ.
උඩරට එළවලු වර්ග දිවයින පුරා බෙදා හරිනු ලබන ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සදහා දෛනිකව විශාල ගොවින් පිරිසක් අස්වනු අලෙවි කර ගැනීම සදහා පැමිණෙන අතර එළවලු මිලදි ගැනීම සදහාත් පිට පළාත් වෙළෙදුන් හා ප්‍රදේශයේ වෙළෙදුන්ද විශාල වශයෙන් පැමිණේ.
රටේ පවතින කොරොනා වෛරස් වසන්ගත තත්ත්වය මෙලෙස විශාල පිරිසක් එක්රොක් විමේදී ශ්රීඝ්ර ලෙස ව්‍යාප්ත විමේ අවධානමක් ඇති විය හැකි බවට සෞඛ්‍ය අංශ විසින් කරුණු දැක්විම නිසා මෙම වැඩපිළිවෙල සකස් කර තිබේ.
මේ යටතේ ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වන ප්‍රධාන දොරටුවේදී මධ්‍යස්ථානයට ඇතුළු වන සියලු වාහන විෂබිජනාශක යොදා විෂබිජහරණය කිරීම සිදු කරන අතර එම වාහන වලින් හා අස්වනු රැගෙන එන සියලු ගොවින්ටත් වෙළෙදුන්හටත් අත් සෝදා ගෙන පිරිසිදු විමට ද ප්‍රධාන දොරටුව ආසන්නයේ පහසුකම් සපයා තිබේ.
ඊට අමතරව හැකි අයරින් දුරස්ථභාවය තබා ගැනිමට හා මුව ආවරණ පැලදීම සම්බන්ධවත් වැලිමඩ පොලීසියේ නිලධාරින් විසින් නිරන්තර උපදෙස් ලබා දිමේ කටයුතු වල හා අධික්ෂණ කටයුතු වල ද නිරත වීම සිදු කරයි.
වැලිමඩ කුමාරගේ