එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු ප්‍රචණ්ඩකාරී මැර පිරිස පාලනය කිරීම සඳහා සූදානමින් නොසිටීම හේතුවෙන් කැපිටල් හි පොලිස් ප්‍රධානී ස්ටීවන් සුන්ඩ් ඉල්ලා අස්වන බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
සුන්ඩ්ගේ ඉල්ලා අස්වීම ජනවාරි 16 වැනි දින සිට ක්‍රියාත්මක වන බව කැපිටල් හි පොලිස් නිලධාරියෙක් පැවසීය.
එහිදී කථානායක නැන්සි පෙලෝසි සුන්ඩ්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා සිටි අතර, ඔහු සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන බව වැඩිදුරටත් සඳහන් විය.