කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වව්නියාවේදී කාන්තා සංවිධාන කිහිපයක් විසින් විරෝධතාවක් ඊයේ දින සංවිධානය කොට තිබුනේ කාන්තා හිංසනය පිටුදැකීම හා අනාරක්ෂිත ගබ්සාවන් නැවත්වීමට බලධාරීන්ගේ අවධානය යොමු වීම පිණිසය.
වව්නියාවේ සහ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි ඇගලුම් සේවිකාවන්ගේ සංගමයක් හා වව්නියාවේ ස්වේච්ඡා කාන්තා සංවිධානයක් විසින් මෙම විරෝධතාවය වව්නියාව නගරයේ සංවිධානය කොට තිබුණි.
විරෝධතාවය වෙනුවෙන් සහභාගී වූවන් කියා සිටියේ,
‘මෙ වනවිට උතුරු පළාතේ කාන්තා හිංසනය වැඩි වීමේ අවධානමක් පවතින අතර ඒ සඳහා කුඩා ගැහැනු දරුවන් ගොදුරු වීමේ වැඩි අවධානමක් පවතින බවටයි. එමෙන්ම පවුල් සැලසුම් නොමැති වීමත් මගින් උතුරු පළාත තුල ගබ්සා කිරීම් වැඩි වී ඇති අතරම එහිදී අනාරක්ෂිතව සිදු කෙරෙන ගබ්සාවන් හේතුවෙන් බොහෝ ගර්භනී කාන්තාවන් අනතුරුවලට මුහුණ පාන අතරම ඇතැම් කාන්තාවන් මිය යාමේ තත්වයකටද මුහුණ පා ඇති හෙයින් මෙම තත්වයන් පාලනය කිරීමට වාහාම අදාල බලධාරීන් පියවර ගත යතු බවටය.
මධුශංඛ අමරසිංහ