ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දුම්රිය මැදිරි තුළ කාන්තාවන්ට පමණක් වෙන්වූ දුම්රිය මැදිරි වෙන් කිරීම නිල වශයෙන් අද (08දා) සිදුවිය. ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මේ සඳහා නිල උත්සවය පැවැත්විණ. මීට පෙරද දුම්රිය තුළ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරි තිබුණ නමත් පසුව එම වැඩසටහන නවතා දැමීය.