සංචාරක හා හෝටල් ක්ෂේත්රයේ උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.
ඒ අනුව මෙරට තරුණ තරුණියන්ට කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලවලට ඇතුළත්ව සංචාරක හා හෝටල් ක්ෂේත්රයේ උපාධි ලබා ගැනීමට හැකියාව ලැබේ.
කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හා මෙරට කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අතර ඊයේ (14) පැවති ද්විපාර්ශවික සාකච්ඡාවක දි මේ පිළිබඳව එකඟතාවය පළ විය.
මේ අනුව වසර 02ක කාලයක් මෙරට විශ්ව විද්‍යාලයක සංචාරක හා හෝටල් ක්ෂේත්රයේ උපාධි පාඨමාලා හදාරන සිසු සිසුවියන්ට අවසන් වසර 02 කැනඩාවේ ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලයකට ඇතුළත්ව උපාධිය සම්පුර්ණ කිරීමට හැකිවෙන පරිදි වැඩසටහනක් සැකසිම පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
එමෙන්ම කැනඩා විශ්ව විද්‍යාලවල සංචාරක හා හෝටල් ක්ෂේත්රයට අදාළ උපාධි පාඨමාලා හැදෑරිම සදහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට හැකි බව ද කැනේඩියානු මහකොමසාරිස්වරයා පැවසීය.
සංචාරක අමාත්‍යාංශයට අයත් සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනය මගින් දැනට පවත්වාගෙන යන පුහුණු පාඨමාලාවල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීම සදහා කැනේඩියානු රජයේ සහාය ලබා දීමටද කැනේඩියානු මහකොමසාරිස්වරයා මෙහිදි එකඟතාවය පළ කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එම පාඨමාලාවද උපාධි තත්ත්වයට උසස් කිරීමට අපේක්ෂා කරන බවයි. දෙරට අතර යෝජිත ඒකාබද්ධ වැඩපිළිවෙල හරහා එය ද ක්‍රියාත්මක කළ හැකි බව රණතුංග මහතා පෙන්වා දුන්නේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සහ කැනේඩියානු මහා කොමසාරිස්වරයා අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.
ප්‍රසන්න රණතුංග මහතා කීවේ කලාපීය ගුවන්තොටුපළක් ලෙස කටුනායක ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම මෙරට අභ්‍යන්තර ගුවන් සේවා වැඩි කිරිමට අපේක්ෂා කරන බව ද ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදි පැවසීය. කටුනායක, මත්තල, යාපනය, ත්‍රීකුණාමලය අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹිමෙන් සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද රණතුංග මහතා පැවසීය. ඊට ප්‍රතිචාර දැක්වු කැනේඩියානු මහ කොමසාරිස්වරයා කීවේ එය ඉතා හොඳ පියවරක් බවයි. ඒ සදහා ද සහාය පළ කිරිමට කැනේඩියානු මහකොමසාරිස්වරයා මෙහිදි එකඟතාවය පළ කළේය.