කැනඩාව කොවිඩ්-19 ට එරෙහි එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇති අතර, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙත ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ලබාදී තිබේ.
ඒ අනුව ජර්මානු සමාගමක් වන බයෝඑන්ටෙක් සමග හවුල්කාරීත්වයක් ඇති ඇමෙරිකානු ඖෂධ නිෂ්පාදක ෆයිසර් හි එන්නත නිල අවසරයක් සමග ලබාදුන් ලොව තුන්වැනි රට බවට කැනඩාව පත්විය.
පළමු එන්නත් මාත්‍රාව කැනඩාවේ විශාලතම නගරය වන ටොරොන්ටෝ හි වැඩිහිටියන් සඳහා ලාභ නොලබන සාත්තු නිවාසයක් වන රේකායි මධ්‍යස්ථානයේ පුද්ගලික සහායක සේවිකාවක් වූ ඇනීටා ක්විඩන්ගන් වෙත ලබාදී ඇත.
කැනඩාවේ මේ වනවිට වාර්තා වී ඇති 13,664ක් වන කොවිඩ්-19 වසංගතය ආශ්රිත මරණවලින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් වැඩිහිටියන් සඳහා වූ සාත්තු නිවාස ආශ්‍රිතව වාර්තා වී තිබේ. කෙසේ වෙතත් වසංගතයේ පළමු රැල්ල අවස්ථාවේදී එය මරණවලින් 80% ක් පමණ විය.
අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ පැවසුවේ පළමු එන්නත් ප්‍රතිග්‍රාහකයන් වන්නේ රෝහල්වල සහ සාත්තු නිවාසවල සේවකයන්, වැඩිහිටියන්ගේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස මෙන්ම දුරස්ථව ජීවත්වන ආදිවාසී ජන කණ්ඩායම් අය බවයි.