ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් අද (26) උතුරු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ දී සිදුවිය.
මෙම සාකච්ඡාවේදි යුද්ධය හේතුවෙන් පිඩාවට පත්ව සිටින උතුරේ ජනතාවගේ වත්මන් තත්ත්වය හා එම ජනතාව වෙනුවෙන් රජය විසින් ලබාදෙන පහසුකම් මෙන්ම නැවත පදිංචි කරවිම් සම්බන්ධයෙන් කැනේඩියානු මහකොමසාරිස් වරයා උතුරු ආණ්ඩුකාර වරයාගෙන් විමසා ඇති අතර එහිදී රජය විසින් සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් මෙන්ම නැවත පදිංචි ජනතාව පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් උතුරු ආණ්ඩුකාරවරයා විසින් සිදු කරනු ලැබීය.
එමෙන්ම පසුගිය අප්‍රේල් 21 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව තුළ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳවද දෙපාර්ශවය විසින් කරුණු සාකච්ඡා කොට කැනේඩියානු මහකොමසාරිස් වරයා අවබෝධයක් ලබාගනු ලැබිණි.