අනිද්දා (28දා) සිට අංක 4021 හා 4022 දරණ දුම්ියන් සෙනසුරාදා හා ඉරිද දිනවලදීද අංක 1001 දුම්රයි සිකුරාදා හා සෙනසුරාදා දිනවලස අංක 1002 දරණ දුම්රිය සෙනසුරාදා හා ඉරිදාද ධාවනය සඳහා යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එයට අමතරව ගල්කිස්ස/කොළඹ කොටුව සිට කන්කසන්තරෙ දක්වා දක්වා පෙරවරු 5.10ට දිපපතා ධාවනය වූ අංක 4021 දරණ දුම්රිය හා කන්කසන්තරේ සිට කොළඹ හා ගල්කිස්ස දක්වා ප.ව. 1.12ට දිනපතා ධාවනය වූ අංක 4022 දරණ දුම්රිය 2020.08.29/30/31 හා 2020.09.01 යන දින වල එම වෙලාවටම ධාවනය වේ.
කොළඹ කොටුව සිට බදුල්ල බා පෙරවරු 6.45 දිනපතා ධාවනය වූ අංක 1001 දරණ දුම්රිය 2020.08.28/30 හා 3 යන දිනවලද බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පෙ.ව. 8.00 දිනපතා ධාවනය වූ අංක 1002 දරණ දුම්රිය 2020.08.29/31 හා 2020.09.01 යන දිනවල එම වෙලාවටම ධාවනය කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඉහත දුම්රියන්හි කලින් ආසන වෙන් කිරීමේ පහසුවද ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබේ.