විශ්වවිද්‍යාල සිසුන්ට ඊයේ දින කොළඹදි පොලීසියෙන් එල්ල කළ ප්‍රහාරයට විරෝධය පලකරමින් රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය සංවිධාන කළ විරෝධතාවයක් අද එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි පැවැත්වුණි. එහිදි මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ එක් මංතිරුවක් සම්පුර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවයේ නියැලිම නිසා එම මාර්ගයේ ගමනාගමනය සිමා විය.
මෙහිදි අදහස් පලකල විරෝධතාකරුවන් පවසා සිටියේ රජරට සහ අග්නිදිග යන විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පංති තහනම් කිරිම් සහ ශිෂ්‍යභාවය අහෝසි කිරිමට එරෙහිව ඊයේ දවසේ කෙළඹදි පැවැත්වුණ විරෝධතා පා ගමනට පොලීසියෙන් කළ පහරදිමට එරෙහිව මෙසේ විරෝධතාවයක නියැලෙන බවත් ප්‍රජාත්‍රන්තවාදය සහ යුක්තිය පිළිබදව කතාකරන සිසුන්ට ලැබුණේ ජල ,කදුළු ගෑස් සහ බැටන් පොලූ ප්‍රහාර බවත් පැවසිය.
එසේම කදුළු ගෑස් වලට වෙඩි උණ්ඩවලට බයේ තම අරගලය නතර නොකරන බවත් පාලකයන් එම විශ්වවිද්‍යාල දෙකෙහි ප්රශ්නය විසඳනතෙක් මෙසේ විරෝධතා කි‍්‍රයාමාර්ග නතර නොකරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසුහ.
මාතර - මහේෂ් මලවර ආරච්චි