අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද පස්වරුවේ කොමිසමට පැමිණියේය.
කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර කළ දැනුම් දීමක් අනුව මෙලෙස අද දිනයේ කොමිසම හමුවේ පෙනි සිටිම සිදු විය.
පස්වරු 02.00 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසම වෙත පැමිණ ඇත.