ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
වෙල්ලස්සේ ඉඩම් බහුජාතික සමාගම්වලට ලබාදීමට ගෙන තිබෙන තීරණය අවලංගු කරන ලෙස ඉල්ලා එම ප්රදේශවල මහා සංඝරත්නය හා ජනතාව සංවිධාන කළ විරෝධතාවක් අද (10දා) කොළඹදී පැවැත්විණි.
මරදාන ටෙක්නිකල් හන්දියේ සිට පෙළපාළියකින් පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමේදී ලෝටස් පාරෙන් මාර්ග බාධක යොදා පෙළපාළිය වැළැක්වීමට පොලීසිය විසින් කටයුතු කරන ලදී.
ඉන්පසුව ලේවලින් අත්සන් කළ හා මහා සංඝරත්නයේ අත්සන් සහිත පෙත්සම් දෙකක් ජනාධිපතිවරයාට භාරදීමට ජනාධිපති ලේකම් කාර්යාලයට යෑමට නියෝජිතයන් 20දෙනෙකුට අවස්ථාව හිමි විය.
ඌව වෙල්ලසේ ඉඩම් අක්කර 62,000ක් ජනතාවගෙන් උදුරා ගෙන උක් වගා කිරීමට බහුජාතික සමාගමකට පැවරීමට සැලසුම් කර තිබෙන බව පවසමින් මෙම විරෝධතා පෙළපාළිය සංවිධානය කර තිබිණි.
මෙම ජනතාව වගාවන් කිරීම සඳහා යොදාගන්නා උපකරණ රැගෙන මෙම විරෝධතාවට එක්වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්රකාශකගේ පිළිතුර
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
සජබ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් නම් කරයි
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
මන්ත්රී අර්චුනා යාපනය රෝහලට ඇවිත් යකා නටලා
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
Champa Thursday, 11 October 2018 03:51 PM
මේ ප්රශ්නේ 2016 ඉඳන් තියෙනව. මට මතකයි LCN එකට මේ ගැන ලියනවා. NFF එකේ පද්ම උදයශාන්තල මේකට ඒ දවස්වලම විරෝධය පල කළා මට මතකයි. පරිසර ඇමති ජනාධිපතිතුමා. මේක ඇත ඇරලා දාල නැත්ද තවම? ආණ්ඩුව ලජ්ජා වෙන්න ඕනේ මේ මිනිස්සු ජීවත් වෙන පරිසරයට කරන්න හදන හානියට. උක් වගාව දැන් හුඟක් රටවල් අතැරලා. ඒකෙන් වෙන පරිසර හානිය නිසා. ආණ්ඩුවේ ලොක්කෝ මහා ලොකුවට පිටරට ගිහින් ගෝලීය උෂ්ණත්වය වැඩිවීම ගැන කතා කරනවා. ලෝකෙට යෝජනා කරනවා. හැබැයි තමන්ගේ රටේ ගස් ටික කපල විනාශ කරන්න බහු ජාතික සමාගම් වලට දෙනවා. ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ. බහු ජාතික සමාගම් වලට අපේ ඉඩම් දෙන්න හදන්නේ අපේ රටේ මිනිහෙක්ට දීල අපේ රටට ගැලපෙන භෝගයක් වවන්න බැරිද පරිසරයත් එක්ක එකට යන? ගස් කපන්නේ නැතුව ගස් තියෙත්දී වෙන බෝග වගාවක් කරන්න බැරිද? මට දෙන්න ඔය දෙන්න හදන ඉඩම් වලින් 0.1%ක්. මම පෙන්නන්නම් ගස් නොකප රටට ආදායමක් ගන්න හැටි. මේකේ සංවිධායකයන් කවුද මම දන්නේ නැහැ. කවුරු වුනත් හුඟක් ස්තුතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd