මොනරාගල දිස්ත්‍රික්කයෙන් අද (24) අලුතෙන් කොවිඩ් 19 රෝගීන් 38 දෙනෙකු හමුවූ බව මොනරාගල වැඩබලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුසිත අත්තනායක මහතා පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෙවනගල නුගේගලයාය පිහිටි දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිහත් දෙනෙකුටද,කතරගම ප්‍රදේශයේ හත් දෙනෙකුටද,වැල්ලවායේ දෙදෙනෙකුටද,තණමල්විල එක් අයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනයවී තිබේ.
මෙම රෝගීන් කොවිඩ් 19 රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමුකර ඇත. මෙතෙක් මොනරාගල දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති මුළු කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 428 කි.
මේවන විට මොනරාගල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 574 දෙනෙකු නිරෝධායනය වෙමින් පසුවේ.
මොණරාගල සුමනසිරි ගුණතිලක