වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘත්‍රිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මේ යටතේ වියලි කාලගුණයක් පවතින අවස්ථා වලදී වළාකුළු උපයෝගී කරගනිමින් කෘත්‍රිම වැසි ඇති කිරීමට පියවර ගනු ලැබේ. තායිලන්ත රජයේ තාක්ෂණික ඥාණය උපයෝගී කරගනිමින්, ලංකාවේ ප්‍රථම වරට ක්‍රියාත්මක කිරීම නියමිත මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ගුවන් යානා සැපයීමට එකගවී තිබේ.
ඒ අනුව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (23) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස්. බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,
"වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථා වලදී ගුවන්යානා දෙකක් මගින් වලාකුළු උපයෝගී කරගනිමින් කෘත්‍රිම වැසි ඇති කිරීමට අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා. මේ සදහා අපට තායිලන්ත රජය විසින් තාක්ෂණික ඥාණය ලබාදෙනවා. වියළි කාලවලදී ජල විදුලිය ජනනයට ඇතිවන අපහසුතා මගහරවා ගැනීම සදහා බලාගාර ආශ්රිත ප්රදේශයන්ගේ වළාකුළු ඇති කර මෙම කෘත්‍රිම වැසි ඇති කිරීමට පියවර ගන්නවා. ප්‍රථම වතාවට තමයි ලංකාවේ මෙවැනි ක්‍රමයක් ඇති කරන්නේ. ඒ නිසා මේ අද අත්සන් කළේ ඓතිහාසික ගිවිසුම " යැයි පැවසීය.
කෂිනි හපුආරච්චි