රුහුණුපුර අති වන්දනීය නගරය ලෙස දෙස් විදෙස් සියලු බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ සිව් මහා නගරයන්ගෙන් එකක් වූ, හම්බන්තොට වාණිජ නගරයට සම්බන්ධ සහ බුත්තල නගරයට මැදි ව පිහිටි කතරගම පූජා භූමි නගර සංවර්ධන කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරයි.
මෙම සංවර්ධනය තුළින් කතරගම නගරය සහ ඒ ආශ්රිත ප්‍රදේශ ඉහළ ආර්ථික භෞතික සංවර්ධනය තුළින් වන්දනාකරුවන් සහ බැතිමතුන් ආකර්ෂණය කර ගැනීම, දකුණු කලාපයේ හරිත ආවරණයේ ආශිර්වාදය, ශක්තිමත් ආගමික අධ්‍යාත්මික සාමය සහ ජීවිතයේ පිරී පවතින ගුණාත්මක, අති වන්දනීය ගමනාන්තයක් බවට කතරගම පුදබිම පත් කිරීම මූලික අරමුණ බව නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ පූජාභූමි සංවර්ධනය කටයුතු සිදු කෙරෙන අතර, ඒ අනුව කතරගම පූජා භූමියේ ද සංවර්ධන කටයුතු සිදු කෙරේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාත් බදුල්ල කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම 2020 වසරෙන් ඇරඹෙන, කතරගම නගර සංවර්ධනය ව්‍යාපෘති 19 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එසේම එම සංවර්ධන ව්‍යාපෘති 2030 වසරෙන් අවසන් කිරීම මෙහි ප්‍රධාන ඉලක්කයයි. මේ අනුව කතරගම සංවර්ධන ව්‍යාපෘතිය “දස වසරක” ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දී තිබේ.
සංවර්ධනයට යෝජිත ව්‍යාපෘති 19 න් ව්‍යාපෘති 02 ක් දෙටගමුව වැව ආශ්රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා වෙන් කර තිබේ. එම ව්‍යාපෘති 02 යටතේ දෙටගමුව වැව නාගරික උද්‍යානය සහ පොදු විවේක ස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ සහ දෙටගමුව ඇවිදින මංතීරුව ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
යෝජිත මෙම ඇවිදින මංතීරුව මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංගයක් බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
අංශ 02 ක් යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ යටතේ කතරගම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව සහ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් ඉලක්ක කර ගැනීම සහ ප්‍රසන්න, අලංකාර පරිසරයක් නිර්මාණය කිරීම සිදු කෙරේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින මෙම දෙටගමුව වැව ඇවිදින මංතීරුව ඉදිකිරීමට රුපියල් මිලියන 120 ක් වැය වේ. මහා භාණ්ඩාගාරය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව සහ නාගරික සංවර්ධන අධිකාරියේ එක්ව මෙම මුදල් ප්‍රතිපාදන සපයයි.