එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30දා) දා ගත් තීරණ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ එකඟත්වය ලැබී තිබේ.
විපක්ෂ නායක කාර්යාලයේදි අද (31දා) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට අගමැති අපේක්ෂකත්වය, එජාපය ප්රමුඛ සන්ධානයේ නායකත්වය, එම සන්ධානයේ නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ.