කොත්මලේ නියගම්දොර මැද්දේතැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 82 දෙනෙකුට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 90 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ තවත් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි එම නිලධාරිවරයා කියා සිටියේ.
එලෙස හදුනාගත් නව අසාදිතයන් 18 දෙනෙකු පුඩළුඔය පොලිස් බල ප්‍රදේශයේ සහ තවත් අසාදිතයන් 08 දෙනෙකු පුස්සැල්ලැව පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවද එම නිලධාරිවරයා පැවසිය.