පුඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු නිසා එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකුගෙන් (10) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් , නිලධාරින් ඇතුළු 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
අසාදිතයන් අතර රියදුරෙකු සිටින බවත්, අසාදිතයන් කිහිප දෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්,අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි බන්දුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ.
තාවකාලිකව වසා දැමු පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව විෂබිජහරණය කර එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලනය සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.