කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගින් සය දෙනා පූර්ණ සුවය ලබා අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගිලන් රථයෙන් ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කරන ලදි.
මොවුන් පිටත්කර යැවිමේඅවස්ථාවට හමුදාව පොලිස් නිලධාරින් හා කාත්තාන්කුඩි මුලික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සේවකයින් සහභාගි විය.
කාත්තාන්කුඩි මුලික රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කිරීමෙන් පසු රෝගින් 62 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින ලදි .
ඔවුන්ගෙන් පූර්ණ සුවය ලැබු 55 දෙනෙකු පසුගිය (11) නිවෙස්වලට යවන ලදි.
අද නිවෙස්වලට යවන ලද පිරිස් බේරුවල ජා ඇල කොළඹ බණ්ඩාරනායක පෙදෙස පදිංචිකරුවන්ය .
කාත්තාන්කුඩි මුලික රෝහලේ ප්‍රතිකාර ලැබු 62 දෙනාගෙන් 61 දෙනෙකු පූර්ණ සුවය ලබා ඔවුන්ගේ නිවෙස්වලට යවන ලද අතර එක් අයෙකු පමණක් ප්‍රතිකාර ලබමින් සිටි.
ටි එල් ජ්ව්ෆර්කාන්