සංවිධානාත්මක අපරාධකරුවෙක් හා පාතාල නායකයෙක් වන දෙමටගොඩ චමින්ද නමැත්තාගේ මස්සිනා රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා හොරයින් මත්කුඩු සමග මට්ටක්කුලිය සමිත්පුර නිවසේදී අද (25දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සන්ජි රුවන් කුමාර නොහොත් කුඩු ජනක නමැත්තායි.
එම සැකකරු සන්තකේ තිබී මත්කුඩු ග්‍රෑම් 12ක් පොලිසිය භාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදුකළ මෙහෙයුමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහතා පැවසීය.
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ