හෙරොයින් ග්‍රෑම් 06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු කොළඹ ඔබේසේකරපුර ප්‍රදේශයේ පදිංචි 35 හැවරිදි එක්දරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (29දා) නියම කළේය.
විත්තිකාර කාන්තාවට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා ඇයට මෙලෙස දඬුවම් නියම කළේය.
2012 ඔක්තෝම්බර් මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්රූම් 06.33 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකාරියට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.