බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි ඉරාන ජාතිකයන් 9 දෙනෙකු හෙරොයින් මත්කුඩු කිලෝ 100කට අධික ප්‍රමාණයක් සමඟ අද (24) දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමට නාවික හමුදාවේ සහායද ලබා ගෙන මෙම සොයා ගැනිම සිදු කර තිබේ.
එම යාත්‍රාව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් විසින් වට කිරිමත් සමඟ එහි තිබූ මත්කුඩු කිලෝ 500 කට අධික ප්‍රමාණයක් මුහුදට දමා ඇතැයිද විශේෂ බලකාය සඳහන් කරයි.
ඇෆ්ගනිස්ථානයේ සිට මෙම හොරොයින් තොගය ලංකාවට ප්‍රවාහනය කර තිබේ.
යාත්‍රාව පකිස්තාන ජාතික මත්ද්‍රව්‍ය සැපයුම්කරුවකුට අයත් එකක් බවට මුලික විමර්ශන වලදී හෙළි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා පවසයි.
මේ වන විට ඩුබායිහි බන්ධනාගාර ගත කර සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මෙරටට හෙරොයින් ප්‍රවාහනයට යොදා ගෙන ඇත්තේ මෙම සැපයුම්කරු බවටද සැක පළ කරයි.